Connect with us

Local News

ජනතාවට තමන්ගේ බරත් පාලකයින්ගේ බරත් දෙකම කර තියාගෙන යන්න වෙලා – විපක්ෂ නායක සජිත්

Published

on

අද ජනතාවට සිදුව තිබෙන්නේ තම තමන්ගේ බරත් රට විනාස කරන දේශපාලඥයින්ගේ බරත් යන දෙකම කරට ගනීමට යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පැවසීය. ඒ සජිත් ප්‍රේමදාස මහතාගේ  සංකල්පය මත ඉදිකෙරෙන 11 වැනි චෛත්‍යය ලෙස ගාල්ල, හිනිදුම,  නාගොඩ  මූලන ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ ඉදිකරන ලද ” චන්දවිමල නාහිමි සමරු මහා සෑරාජයාණන්” වහන්සේ සසුනට පූජා කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි. මෙය ශ්‍රී සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා අප්‍රමාණ මෙහෙවරක් කළ ජනසම්මතවාදී ජනපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිදුන්ගේ 98 වන ජන්ම දිනය නිමිතිකොටගෙන “සසුනට අරුණ වැවයි දාගැබයි – ගමයි පන්සලයි” වැඩසටහන අනුව ක්‍රියාත්මක වූවකි.

ජනතාවගේ දුක නොතේරෙන ආණ්ඩුව ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරමින් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා ආණ්ඩුව කරන ඇත්තන්ට ජන දුක පිළිබඳව පිළිබඳව කිසිදු වගක් නැති බව ද මෙහිදී පැවසීය.

එම අවස්ථාවට පූජ්‍ය පාද ගරුතර මහා සංඝරත්නය,මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

සමගි ජන බලවේගයට ඇත්තේ ඉලක්ක සපුරන වැඩපිළිවෙළක් බවත් ඒ වෙනුවෙන් සමගි ජනබලවේගය  ඇප කැප වෙන බවත් විපක්ෂ නායකතුමා මෙහිදී වැඩි දුරටත් සඳහන් කර සිටියා,

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය සියළුම රෙදි චීනයෙන් පරිත්‍යාගයක් ලෙස – චීන තානාපතිවරයා සඳහන් කරයි

Published

on

By

ශ්‍රී ලංකාවට අවශ්‍ය සැම අවස්ථාවකදීම චීනය විශ්වාසවන්ත සහෝදරයකු හා සහයකයකු ලෙස කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ, අද (16) බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවති විශේෂ උත්සවයක් අමතමිනි.

මෙම අවස්ථාවේදී 2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් සදහා අවශ්‍ය රුපියල් මිලියන 5,171ක වටිනාකමින් යුතු රෙදි මුළු ප්‍රමාණයම චීන රජය විසින් පරිත්‍යාග කළ බව නිල වශයෙන් දැනුම්දෙන ලදී.

මෙම උත්සවයට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ද සහභාගීව සිටියි.

Continue Reading

Local News

හිටපු යුද හමුදාධිපති හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ශ්‍රී ලංකාවේ හිටපු යුද හමුදාධිපතිවරයෙකු වන ජෙනරාල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ මහතා 91 වන වියේදී අභාවප්‍රාප්ත වී ඇත.

1954දී කෙඩෙට් නිලධාරියෙකු ලෙස ලංකා හමුදාවට එක්වූ ඔහු, බ්‍රිතාන්‍යයේ Sandhurst හි රාජකීය හමුදා විශ්වවිද්‍යාලයේදී පුහුණුව ලැබීය.

1988දී මෙරට 11 වන යුද හමුදාධිපතිවරයා ලෙස පත්වූ ඔහු, 1995දී විශ්‍රාම ගත් පසුව ආරක්ෂක ලේකම් වැනි තනතුරුද දැරීය.

ගම්පහ මල්වාන ප්‍රදේශයේ උපන් වනසිංහ මහතා, ආනන්ද විද්‍යාලයේදී අධ්‍යාපනය ලැබූ අතර, දක්‍ෂ ක්‍රීඩකයෙකු සහ හමුදා රයිෆල් තරගවල කුසලාන දිනාගත් පුද්ගලයෙකු ලෙසද ප්‍රකටය.

Continue Reading

Local News

අනතුරට ලක්වූ නෞකාවකින් ආන්තරායකර ද්‍රව්‍ය ශ්‍රී ලංකා වෙරළට

Published

on

By

කේරළ මුහුදු තීරයේදී අනතුරට ලක්වූ MSC Elsa 3 නෞකාවේ අන්තරායකර බහාලුම් 13ක් තිබූ බව පරිසර අමාත්‍යාංශය අනාවරණය කරයි.

අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අර්.එච්.එම්.බී. අබේකොන් මහත්මිය පැවසුවේ, එම නෞකාවේ තිබූ ඇතැම් ද්‍රව්‍ය මේ වනවිට ශ්‍රී ලංකා වෙරළ තීරයට ගොඩ ගසා ඇති බවයි.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් තවත් ද්‍රව්‍යයන් මෙරට වෙරළට ගොඩගැසීමේ අවදානමක් පවතින බවද ඇය සඳහන් කළාය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතා සඳහන් කළේ, වෙරළට ගොඩගසන ද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු අද (13) සිට ආරම්භ කරන බවයි.

Continue Reading

ප්‍රවණතාවන්