ත්‍රිරෝද රථ සඳහා අය කරන ගාස්තුව අද (09) සිට රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ත්‍රිරෝද රථ කාර්යාංශයේ ප්‍රධානී ජීවින්ද කීර්තිරත්න මහතා ප්‍රකාශ කර සිටියා..
ඒ අනුව අද සිට පළමු කිලෝමීටරය රුපියල් 100ක් සහ දෙවෙනි කිලෝමීටරය රුපියල් 85 බවට පත්වන අතර බස්නාහිර පළාත තුළ එලෙස ගාස්තු නියාමනය කෙරෙන බවත් නියමිත මුදලට වඩා ගෙවා සේවාවන් ලබානොගන්නා ලෙසත් ජීවින්ද කීර්තිරත්න මහතා ප්‍රකාශ කර සිටියා.
