Connect with us

Local News

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට එක්සත් ජනපදයේ සහාය…

Published

on

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකානු එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවට අපනයන වෙළඳ ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් ( Julie Chung) මහත්මිය අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (08) පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ සුබ පැතුම් පණිවිඩය ද ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය විසින් ජනාධිපති ලේකම්වරයා වෙත මෙහිදී පිළිගන්වනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය (USAID) මඟින් ලබාදිය හැකි මූල්‍ය සහයෝග ලබාදීමට සූදානම් බව ද මෙහිදී ඇමෙරිකානු තානාපතිනිය සඳහන් කළාය.

වංචා දූෂණ අක්‍රමිකතා වැළැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙනයන වැඩපිළිවෙලට මූල්‍ය සහ තාක්ෂණික දායකත්වය ලබාදීමටත්, යහපත් රාජ්‍ය පාලනයක් සඳහා ලබා දිය හැකි ඕනෑම සහයෝගයක් ලබාදීමටත් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහයෝගය ලබාදීමටත් ඇමරිකානු එක්සත් ජනපදය සහතික විය.

පුනර්ජනනීය බල ශක්තිය, අපනයන කෘෂි කාර්මාන්තයක් ඇති කිරීමට හා ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම සඳහා නව ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවලටද සහයෝගය දක්වන බවද, දැනට ක්‍රියාත්මක වන ග්‍රාමීය පාසල් සඳහා දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන නාගරික පාසල් වලටද ඉදිරියේදී ලබාදීම සඳහා සහයෝගය දැක්වීමට ද කටයුතු කරන බව ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

ශ්‍රී ලංකා සහ මාලදිවයින සඳහා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජස්ටින් ඩිවෙනන්සො (Justin Divenanzo) සහ ආර්ථික විශේෂඥ ක්‍රිස්ටෝපර් ගූච් (Christopher Gooch) යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Local News

කීරි සම්බා සහ සම්බා සහල් හිඟය පිළිබඳව පාරිභෝගික අධිකාරියෙන් ප්‍රකාශයක්….

Published

on

By

රට තුළ පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා අද (15) ප්‍රකාශ කළේය.

මෙහිදී ඔහු පැවසුවේ අධිකාරියට ලැබුණු පැමිණිලි පසුපස සිදු කළ සොයා බැලීම් මගින් සහල් හිඟය පිළිබඳ කරුණු අනාවරණය වූ බවයි. නමුත් සහල් සඳහා ගැසට් පත්‍රයකින් පාලන මිල නියම කර ඇති අතර, එම මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කිරීමේ අවස්ථාවලදී නීතිය යටතේ අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවද ඔහු පැවසීය.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගැසට් පත්‍රයට අනුකූලව වී මිලදී ගැනීම සහ සහල් අලෙවි කිරීම සිදුකරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

ඒ අතරතුර සහල් සම්බන්ධ වැටලීම් 3,000කට වැඩි වශයෙන් සිදුකර ඇති අතර, ඒ මගින් 1,000කට ආසන්න නීතිමය පියවර ගෙන, රුපියල් මිලියන 95ට ආසන්න මුදලක් අයකරගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, පවතින සහල් හිඟය හේතුවෙන් ගැසට් පත්‍ර සංශෝධනය කිරීමේ කිසිදු අපේක්ෂාවක් මේ වන විට නොමැති බවද ඔහු අවධාරණය කළේය.

Continue Reading

Local News

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ රැකියා සුරක්ෂිතයි – බලශක්ති අමාත්‍ය…

Published

on

By

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කරමින් ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරියට ගෙන යන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.

අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, විදුලිබල මණ්ඩලයේ සේවය කරන සේවකයින් 23,000කට අධික පිරිස මෙතෙක් පවතින අතර, ප්‍රතිසංස්කරණය යටතේ ඔවුන් සම්පූර්ණයෙන්ම රජයේ අයිතියට අයත් ආයතන 04කට අනුයුක්ත කිරීමට නියමිත බවයි.

මෙම ආයතන සියල්ලම මහා භාණ්ඩාගාරය සතු සමාගම් වන අතර සේවකයින්ගේ රැකියා නියමිත ආකාරයෙන් පවත්වාගෙන යන බවද ඔහු පැවසීය.

එසේම, යම් සේවකයෙකුට නව ආයතනවලට අනුයුක්ත වීමට අකමැති නම්, ඔවුන්ට කැමැත්තෙන් සේවයෙන් ඉවත්වීමට හැකියාව ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

අදහස් දැක්වූ අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, මේ සංශෝධන සිදු නොකළේ නම්, පසුගිය අමාත්‍ය මණ්ඩල තීරණය අනුව අගෝස්තු 17 පසු විදුලිබල මණ්ඩලයේ සේවකයින් 12,000ක් රැකියාවෙන් ඉවත් කිරීමට තිබූ තීරණ ක්‍රියාත්මක වීමට තිබූ බවයි.

ඒ අනුව, ආයතන 12කට විදුලිබල මණ්ඩලය බෙදීමේ මූලික යෝජනාද අත්හිටුවී ඇති බවද ඔහු අවධාරණය කළේය.

“අපි ජනතාවගේ ආණ්ඩුවක් විදියට හැම සේවකයෙකු ගැනත් වග කියනවා. රටේ බලශක්ති සුරක්ෂිතතාවය වෙනුවෙන් අවශ්‍ය සියලු කටයුතු කරන්න අපි බඳුන ගන්නවා” යයි අමාත්‍ය ජයකොඩි මහතා අවසන් කළේය.

Continue Reading

Local News

මහයියාව ප්‍රදේශයේ දරුවන්ට ශිෂ්‍යාධාර – ජනාධිපති අරමුදලේ නව වැඩසටහන…

Published

on

By

මහයියාව ප්‍රදේශයේ ආර්ථික අපහසුතා ඇති පවුල්වල පාසල් දරුවන් සඳහා ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදල මගින් ආරම්භ කෙරුණි.

මෙම වැඩසටහන ඊයේ (14) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී, පාර්ලිමේන්තු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මහයියාව පුර්ණවත්ත බටහිර ග්‍රාම නිලධාරී වසමට අයත් පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් 2025 මැයි 31 දින ජනාධිපති අරමුදලේ නිලධාරීන් සිදුකළ ක්ෂේත්‍ර පරීක්ෂණයක දී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සුදුසු බව නිරීක්ෂණය විය.

එහි පළමු අදියර යටතේ සිසු-සෙසූවියන් 28 දෙනෙකුට ශිෂ්‍යාධාර ලබාදීමත් සමඟ වැඩසටහන ක්‍රියාත්මක විය.

Continue Reading

ප්‍රවණතාවන්