අභියෝගවලට නොසැලෙන ප්‍රතිපත්ති සමඟින් මුහුණ දීමට දරුවන් දිරිමත් කරමින් අධ්‍යාපනයේ ඇති වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (11) රාත්‍රියේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති කොළඹ වෙස්ලි විද්‍යාලයේ “Sesquicentennial Banquet” උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. ජාතියේ සංවර්ධනය සඳහා තීරණාත්මක පුද්ගලයින් පෝෂණය කිරීමේ පුරෝගාමී කාර්යභාරය පිළිබඳවද ජනාධිපතිතුමා කොළඹ වෙස්ලි විද්‍යාලයට ප්‍රශංසා කළේය.



