
මහජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත් මෙරට තුළ කොවිඩ් හතර වැනි රැල්ලක් ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරනවා.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ මහජනතාවගේ වගකීම් සහගත හැසිරීම ඉතාම වැදගත් බවයි.
යම් අවස්ථාවක පාසල් ඇතුළත පාලනය කළ නොහැකි මට්ටමින් කොවිඩ් වෛරසයේ පැතිරයාමක් සිදුවුවහොත් පාසල් වසා දැමීමට අවශ්‍යය නිර්දේශ ලබා දීමට කටයුතු කරන බව ඔහු සදහන් කළා.
එම නිසා දෙමාපියන් තුළ අනිසි බියක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවක් නොවන බවයි උපුල් රෝහණ මහතා අදහස් දක්වමින් පෙන්වා දුන්නේ.