206 views 0 secs 0 comments

විදේශීය සංචාරකයන්ට දේශ සීමා ඉවත් කල ඇමරිකාව…

In World News
November 08, 2021

දැඩි සංචරණ සීමා ලිහිල් කරමින් වසර එක හමාරකට පසුව අද (08) සිට විදේශීය සංචාරකයන්ට සිය දේශසීමා විවෘත කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ. බලධාරීන් පවසන්නේ විශාල සංචාරකයින් පිරිසක් රට තුළට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවය.

ඒ අනුව, එක්සත් රාජධානිය, චීනය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව ඉරානය, බ්‍රසීලය සහ යුරෝපීය රටවල් ඇතුළු රටවල් 33ක සිට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයන්ට අමෙරිකාවට පැමිණීමට පනවා තිබූ සංචාරක තහනම ඉවත් වනු ඇත.

අමෙරිකාවට පැමිණීමේදී සංචාරකයින් එරට හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත එන්නතක් ලබා තිබීම අනිවාර්ය කරුණුක් වන අතර ගුවන් ගමනට පැය 72කට පෙර ලබාගත් සෘණාත්මක ඵ්Cර්‍ පරීක්ෂණ වාර්තාවක්ද ඉදිරිපත් කරන්නන් නිරෝධායනයෙන් ද නිදහස් කර තිබේ.