ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයට අයත් චමෝලි ප්‍රදේශයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටී පුද්ගලයින් 60 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
චමෝලි දිස්ත්‍රික්කයේ ජල විදුලි ව්‍යාපෘති උමඟක් තුළ සේවය කළ කම්කරුවන් හා නිලධාරීන් රැගෙන ගිය දුම්රියක් සහ භාණ්ඩ දුම්රියක් ඊයේ (30) මෙම අනතුරට ලක්ව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය තුළ පුද්ගලයින් 109 දෙනෙකු සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
තුවාල ලැබූ පුද්ගලයින් අතරින් දස දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වෙයි.
මෙම අනතුරට හේතුව සම්බන්ධයෙන් මෙතෙක් නිල වාර්තාවක් නිකුත් කර නොමැති බව වැඩිදුරටත් සඳහන් වේ.
