ජපානයේ නැගෙනහිර නෝඩා කලාපයේ වෙරළ ආසන්නයේ රික්ටර් මාපක 6 ක තීව්‍රතාවයක භූමිකම්පාවක් සිදුව ඇති බව වාර්තා වේ.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ මෙම භූමිකම්පාව භූමියට කිලෝමීටර් 19.3ක් (සැතපුම් 11.99ක්) ගැඹුරින් ඇතිවී ඇති බවයි.
මේ අතර, මීට පෙර නොවැම්බර් 30 වන දිනද ජපානයේ දකුණු කගෝෂිමා ප්‍රාන්තයට අයත් ටෝකාරා දූපත් වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 5.6 ක භූමිකම්පාවක් සිදුව තිබූ බවද වාර්තා වී තිබේ.
