209 views 0 secs 0 comments

පිලිපීනයේ භූ කම්පනයක්…

In World News
May 04, 2024

ඊයේ (03) පස්වරු 6.16 ට මධ්‍යම පිලිපීනයේ ලයිට් පළාතේ රික්ටර් පරිමාණයේ 6.0ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන තිබේ.

පිලිපීනයේ වෙරළබඩ නගරයක් වන දුලාග් සිට කිලෝමීටර 32 ක් පමණ ගිනිකොන දෙසින් කිලෝමීටර් 8 ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදුව ඇති අතර මෙම භූ කම්පනයෙන් පසු කම්පන කිහිපයක් ද හටගෙන ඇති බව පිලිපීනයේ ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය ප්‍රකාශ කර සිටියා.

එම පසුකම්පන ලයිට් පළාතේ ඇතැම් ප්‍රදේශවලට ද දැනී තිබුණද ඒ හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව විදෙස් වාර්තා වල සඳහන් වේ.