Connect with us

world-news

දූෂණ විරෝධී ආයතන භාරයට පත් ඉම්‍රාන් ඛාන්…

Published

on

අත්අඩංගුවට පත් පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් දින අටක කාලයක් එරට දූෂණ විරෝධී ආයතනයේ භාරයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉස්ලාමාබාද් අධිකරණය මෙම නඩුව ලබන මැයි 17 වැනිදා විභාගයට ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙන්නේ.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

world-news

ඉන්දියාවෙ බිහිසුණු අනතුරක්.. ජීවිත 36ක් බිලි වෙයි..

Published

on

By

ඉන්දියාව හිමාල කඳුකරයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන්ගත් මගීන් 36 දෙනෙක් මියගොස් ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර සිටියා
අනතුර හේතුවෙන් මියගිය අයෙක් වෙනුවෙන් ඉන්දීය රුපියල් 200,000ක් සහ තුවාල ලැබුවෙක් වෙනුවෙන් ඉන්දීය රුපියල් 50,000ක ලබාදීමට බලධාරීන් තීරණය කර ඇති බව සඳහන් වන අතර මෙම අනතුරෙන් මියගිය සහ තුවාල ලැබූ පිරිස වෙනුවෙන් සිය කනගාටුව ප්‍රකාශකරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ප්‍රකාශ කර තිබේ.

හිමාල කලාපයේ පවතින දුර්වල මාර්ග හේතුවෙන් මෙවැනි අනතුරු බහුලව සිදුවෙයි.

Continue Reading

world-news

5 දෙනෙකුට දිවි අහිමි කල මෝටර් රථ – දුම්රිය අනතුර..

Published

on

By

පෝලන්තයේ මෝටර් රථයක් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමේදී දුම්රියක ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

අනතුරින් වාහනයේ සිටි මගීන් පස්දෙනා එම ස්ථානයේදී ම මියගොස් ඇති අතර ඉන් තිදෙනෙකු කුඩා ළමුන් වන බව සඳහන් ය.

අනතුර හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Continue Reading

world-news

ලොව පුරා හින්දු බැතිමතුන් අද දීපාවලී සමරයි

Published

on

By

ලොව පුරා හින්දු බැතිමතුන් දීපාවලී උත්සවය අද (31) සමරනු ලබයි.

හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැලකෙන දීපවාලී උත්සවය ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලැබේ.

විෂ්ණු දෙවියන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කර ආලෝකය පැතිරවීම සිහිපත් කිරීම දීපාවලී උත්සවයේ අරමුණ වන අතර අඳුර පහව ගොස් ආලෝකය උදාවේවා යැයි ප්‍රාර්ථනා කරමින් හින්දු බැතුමතුන් විසින් තම නිවෙස්වල පහන් දල්වා මෙම උත්සවය සැමරීම සිදුකරනු ලබයි.

Continue Reading

ප්‍රවණතාවන්