
මේ වනවිට පවතින ඩෙංගු ව්‍යාප්තිය මෙලෙසම පැවතියහොත් ඉදිරි මාස දෙකක කාලය අතිශය අවදානම් තත්ත්වයට පත්විය හැකි බවත් එම තත්වය පාලනයට අවශ්‍ය පියවර ගත යුතු බවත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
වෙනත් වසර වල ඩෙංගු රෝගීන්ගේ වැඩිවීම ජුනි සහ ජුලි මාසවල දක්නට ලැබෙන අතර මෙම වසරේ එය මාර්තු සහ අප්‍රේල් මාසවල සිටම දක්නට ලැබෙන බවයි ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කර සිටියා.