
ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන ‘ජනබල විරෝධය’ විරෝධතා පාගමන සහ රැළිය අද (23) පස්වරුවේ නුගේගොඩදී පැවැත්වේ. ඉහළ යන ජීවන වියදම පාලනය කිරීමට රජය අපොහොසත් වීම සහ ආර්ථික අර්බුදය විසඳන ලෙස ඉල්ලා රජයට එරෙහිව මෙම විරෝධතාව පැවැත්වෙනවා. විරෝධතා පාගමන පස්වරු 3ට දෙල්කඳ නගරයෙන් ආරම්භ වී නුගේගොඩ දක්වා ගමන් කිරීමට නියමිතයි.