145 views 0 secs 0 comments

සර්ව පාක්ෂික සමුළුව අද

In Local News
March 23, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුව අද (23) පෙරවරු 10 ට කොළඹදී පැවැත්වේ.මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.
කෙසේ වෙතත්, දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ කිහිපයක් සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා.

සමුළුව වර්ජනය කරන පාර්ශවයන් නම්;

සමගි ජන බලවේගය
ජාතික ජන බලවේගය
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය
දෙමළ මක්කල් විදුතලෙයි පුලිකල්
තමිල් මක්කල් තේසිය කුට්ටනි (TMTK)
සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය