
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද කැදවා තිබූ සර්ව පාක්ෂික සමුළුවේදී දේශපාලනය කතා කිරීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබේ.
සමුළුව අමතමින් කබ්රාල් මහතා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳව දේශපාලන පක්ෂ දැනුවත් කර ඇති අතර වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් හිටපු රජයට දොස් පවරා තිබේ. කබ්රාල්ගේ කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ (එජාප) නායක රනිල් වික්‍රමසිංහ එම ප්‍රකාශයට විරුද්ධ වූ අතර සමුළුවේදී දේශපාලනය කතා කිරීම ගැන කබ්රාල්ට දොස් පැවරීය.ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම සමුළුව කැඳවා ඇති බව ප්‍රකාශ කළ හිටපු අග්‍රාමාත්‍යවරයා මෙය දෝෂාරෝපණය කිරීමට සුදුසු තැනක් නොවන බවද ප්‍රකාශ කළේය.