172 views 0 secs 0 comments

අලුත් අවුරුදු සමයේදී ගැටලුවක් නැතිව ඉන්ධන ලබා දෙනවා- බලශක්ති ඇමති

In Local News
March 24, 2022

කිසිඳු ගැටලුවකින් තොරව අලුත් අවුරුදු සමය වන විට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදු කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසනවා. ඇතැම් ඉන්ධන පිටවුම්හල් වෙත යොමු කරන ඉන්ධන බවුසර නැවත හරවා එවන තත්ත්වයක් උද්ගතවී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. එයට හේතුව ලෙස අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඉන්ධන පිරවුම්හල්වල ගබඩා පිරී තිබීම නිසා බවයි. කෙසේ වුවද ඉන්ධන පිරවුම් හල් අසලඅද (24) දිනයේ ප්‍රදේශ රැසක දිගු පෝලිම් දක්නට ලැබුණා.