199 views 0 secs 0 comments

වීරකැටියේ සිදු වූ වෙඩි තැබීම…

In Local News
September 20, 2021

ඊයේ (19) රාත්‍රී 10.00ට පමණ පවුල් ආරවුලක් දුරදිගයාමෙන් ඇති වූ ගැටුමක් අතරතුර සිදුකළ වෙඩිතැබීමකින් වීරකැටිය, ගජනායකගම ප්‍රදේශයේ දී 14 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

දරුවා බරපතළ තුවාල ලබා වීරකැටිය රෝහලට ඇතුළත්කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව පොලීසිය පවසන අතර සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.