Connect with us

Politics

ජගත් කුමාර්ගේ මාධ්‍ය හමුව…

Published

on

තමන්ට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ විනය පරීක්ෂණයක් සිදුනොකරන බව පක්ෂ නායකත්වය තහවුරු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

අමාත්‍ය සරත් වීරසේකර මහතා කර තිබූ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා අද (20) මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ජගත් කුමාර මහතා,

පාදුක්ක සංවර්ධන කමිටුවේ සභාපති කමෙන් ඉවත් වුණාට එක් එක් පුද්ගලයන් විවිධ කතා කියනවා . පාදුක්කට මාව පත්කලේ ජනාධිපතිතුමා එම ප්‍රදේශය ප්‍රදේශයේ සංවර්ධන කටයුතු කරන්න ,අපේ අයට පහරදීමක් සිදුවුණත් අපි අපේ ගෞරවය රැකගෙන සිටියා පොලිසිය ප්‍රශ්නය සාධාරණ විසඳීමට කටයුතු කළා , ගාමිණී ලොකුගේ එම ප්‍රශ්න ඇති කරපු අයගේ කටඋත්තර ගැනීම වළකා සිටියා , මට පාදුක්ක ජනතාවට තිබෙන ප්‍රශ්න විසඳීමට බැරිනම් සංවර්ධන කමිටු සභාපති කම දරලා වැඩක් නෑ . මම එම දෙනාට මෙම මස 27 වැනිදා දක්වා කල් දී තිබෙනවා මෙම ගැටළුව විසඳා දෙන කියලා , මේ රටේ මිනිසුන්ගේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න බැරි නම් ජනතාවගේ ප්‍රශ්න ඇහුම්කන් දෙන්න නැත්නම් මෙම සංවිධායක කමින් ඉවත් විය යුතුයි . සරත් වීරසේකර මහතාට මම චෝදනා කළේ නෑ ජනාධිපතිතුමාටත් බැසිල් රාජපක්ෂ මහතාටත් මම කිව්වා ස්වාධීන කෙනෙක් පාදුක්ක පොලීසියට දාන්න කියලා . දිගින් දිගටම සරත් වීරසේකර මහතා මට චෝදනා කරනවා බොරු කියනවා නම් මම ඇත්ත ඒ කරනවා . සරත් වීරසේකර මහතාට උවමනා විදිහට විනය පරීක්ෂණ කරන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා . මට විරුද්ධව විනය පරීක්ෂණයක් පක්ෂයෙන් අවශ්‍ය නෑ කියලා කියනවා . විනය පරීක්ෂණ වලට බය නම් අපි ආණ්ඩු හදන්නේ නෑ . දැන් ඔය කියන ඇමතිවරු ඒ දවස්වල හිටියේ නෑ එතුමාලා හිටියෙ නැත්තෙ එතුමා ලගෙ දූෂිත වැඩ නිසා , ඒ කාලේ සාගර කාරියවසම් ලේකම්තුමා හිටියේ නෑ , මම ඕනෑම විනය පරීක්ෂණයකට ලෑස්තියි , ගුරුවරුන්ගේ පශ්නය මේ තරම් දුර දිග ගියේ එදා උද්ඝෝෂණයේදී හාමුදුරුවන් උස්සගෙන ගිහිල්ලා බස්රථවල දාලා අත්අඩංගුවට ගත්ත නිසා මෙම ප්‍රශ්නය දුර දිග ගියේ නැත්තං දැන් වෙනකොට විසදිලා.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

පුරප්පාඩු වූ අමාත්‍ය ධුර සදහා අමාත්‍යවරු පත් කෙරේ…

Published

on

By

රොෂාන් රණසිංහ මහතාව ඉවත්කිරීමත් සමග පුරප්පාඩු වූ ක්‍රීඩා අමාත්‍යධුරය සඳහා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාව පත්කර තිබෙන අතර පුරප්පාඩු වූ වාරිමාර්ග අමාත්‍ය ධුරය සඳහා ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත්කර ඇති බව වාර්තා වේ.

ඔවුන් මේ වනවිටත් දරණ අනෙක් අමාත්‍ය ධුරවලට අමතරව මීට සුළු වේලාවකට පෙර ජනපති ඉදිරියේ මෙම අමාත්‍ය ධුරවල දිවුරුම් දී තිබේ.

Continue Reading

Local News

පළාත් පාලන මැතිවරණය ගැන යෝජනාවක්..

Published

on

By

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින්,
පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතනවල මැතිවරණ ක්‍රම සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස කථානායකවරයාට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

එමෙන්ම පළාත් පාලන මැතිවරණ ක්‍රමය පිළිබඳ සුදුසු ක්‍රමවේදයක් ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා සති 02ක් තුළ ඉදිරිපත් කරන ලෙසද එහි සඳහන් වන බව වාර්තා වේ.

Continue Reading

Politics

රනිල් හා හා පිලිපීන ජනාධිපති අතර හමුවක්..

Published

on

By

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්. මාකෝස් -කණිෂ්ඨ (Ferdinand R.Marcos, Jr.) අතර හමුව අද (29) පෙරවරුවේ මැනිලා නුවර දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා ආසියානු කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බව සඳහන් කර තිබෙනවා.

පිලිපීනය සහ ශ්‍රි ලංකාව අතර අතීතයේ සිට පවතින ද්විපාර්ශ්වික සබඳතා නව ප්‍රවේශයන් ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ එහිදී වැඩි අවධානයක් යොමුකර තිබෙනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ෂොබිනි ගුණසේකර සහ ශ්‍රී ලංකා දූත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Continue Reading

ප්‍රවණතාවන්