205 views 0 secs 0 comments

ජනපති අබුඩාබියට

In Local News, Politics
December 04, 2021

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (03) රාත්‍රී 10ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරට ළඟා විය. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සිටිති. මෙම සංචාරය පස්වන ඉන්දියානු සාගර සමුළුවට සහභාගීවීම සඳහාය. “පරිසරය, ආර්ථිකය, වසංගතය” යන්න තේමා කර ගනිමින් සමාරම්භක දේශනය ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් සිදුකරනු ලැබේ.