1056 views 0 secs 0 comments

සතියක් තුළ රිය අනතුරු 403ක්, 45 මියයයි..

In Local News
February 09, 2021

පසුගිය ජනවාරි මස 31 වන දින සිට පෙබරවාරි මස 6 වන දින දක්වා වු සතියක කාලය තුළ රිය අනතුරුවල ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එම කාළය තුළ සිදුවු රිය අනතුරු 403කින් පුද්ගලයින් 45ක් ජීවිතක්ෂයට පත්ව ඇති ඇතර පුද්ගලයින් 266 දෙනෙක් තුවාල ලබා තිබේ.
ඒ අනුව දෛනිකව පුද්ගලයින් 6 – 7 ක් පමණ පුද්ගලයින් සංඛ්‍යාවක් රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත් වන අතර, පුද්ගලයින් 38 දෙනෙකු පමණ තුවාල ලබන බව වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ ය.
ගම්පහ, මහනුවර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලින් රිය අනතුරු වැඩි වශයෙන් වාර්තා වී ඇත.