193 views 0 secs 0 comments

දරුණු අතට හැරෙන කොවිඩ්…

In Local News
August 16, 2021

අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 3,414 බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

මේ වන විට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 355,482ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම ඊයේ (15) දින කොවිඩ් මරණ 167ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මෙම මරණ 167ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,263ක් දක්වා ඉහළගොස් ඇති අතර එම මරණ ගණන දිනක් තුළ වාර්තා වු වැඩිම කොවිඩ් මරණ ගණන වේ.