175 views 0 secs 0 comments

“ලාංකිකයාගේ ඝාතනය දැඩි සේ හෙළා දකිනවා”

In Local News
December 05, 2021

පාකිස්තාන අගමැති
පකිස්ථානයේ දී ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රියන්ත කුමාර දියවඩන වධ හිංසනයට ලක් කර ඝාතනය කර තිබේ. සියල්කොට්හී වසිරාබාද් මාර්ගයේදී මෙම සිදුවීම සිදු වී ඇත.
මේ වන විට මෙම සිදුවීම ලෝකයේම අවධානය යොමුව තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 100 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. පන්ජාබ් පොලිස්පතිවරයා සඳහන් කළේ, මෙම සිදුවීමට සම්බන්ධ සියලු දෙනා සීසීටිවි දර්ශන උපයෝගී කර ගනිමින් හඳුනා ගන්නා බවයි. කම්හලේ අලවා තිබූ පෝස්ටරයක් ඉවත් කිරීම හේතුවෙන් TLP හෙවත් ටෙහෙරික් ඊ ලබ්බයික් පකිස්ථාන අනුගාමිකයින් මෙම ඝාතනය සිදු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කළේ ය.
මේ අතර පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලාංකිකයා ඝාතනය හෙළා දුටු අතර එය තම රටට ලැජ්ජාවේ දිනයක් ලෙස කියා සිටියේ ය.තමාගේ අධීක්ෂණය යටතේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු වන බවත්, වගකිව යුත්තන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් ඔහු පවසයි.