
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාරට එරෙහිව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකොට ගත හැකි උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කථානායකවරයානේ ඉල්ලා තිබෙනවා.ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 38 දෙනෙකුගේ අත්සනින් යුක්තව ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා. මෙම පරීක්ෂණය මනූෂ නානායක්කාර සිය ආසනයෙන් නැගිට ප්‍රවේගකාරී අයුරින් මූලාසනය වෙත පැමිණ තර්ජනාත්මක ආකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් පවත්වන ලෙසයි මන්ත්‍රීවරුන් ඉල්ලා සිටින්නේ.