134 views 0 secs 0 comments

වසංගතයක් ලෙස පැතිරෙන අක්ෂි රෝගය….

In Local News
October 18, 2023

මෙම දින වල වස්ංගත ආසාදනයක් ලෙස පැතිර යන අක්ෂි රෝගය දරුවන් අතර ව්‍යාප්තිය පාලනයට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.
ඇස් රතුවීම, කඳුළු හා කබ ගැලීම හා ඇස්වල පවතින දැවිල්ල මෙම රෝගයේ බහුලව දැකිය හැකි රෝග ලක්ෂණ අතර වේ.

ඇතැම් ප්‍රදේශවල පාසල් සිසුන් අතර මෙම අක්ෂි රෝගයේ ව්‍යාප්තිය වසංගත ස්වරූපයෙන් පැතිර යන අතර ඉහත රෝග ලක්ෂණ පවතින දරුවන් පාසල් එවීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මව්පියන්ගෙන් ඉල්ලීමක් කළේ ය.