126 views 0 secs 0 comments

සතොස භාණ්ඩ කිහිපයක මිල පහලට..

In Local News
October 18, 2023

හෙට (19) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස භාණ්ඩ වර්ග 5 ක මිල පහළ දැමීමට තීරණය කර තිබේ.

එයට අනුව ආනයනික ටින් මාළු (ග්‍රෑම් 425) මිල රුපියල් 35කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 650කි.

එමෙන්ම දේශීය ටින් මාළු (ග්‍රෑම් 425) මිල රුපියල් 5කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 545කි.

මුං ඇට කිලෝ එකක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර එහි නව මිල 1100ක්ද,හාල්මැස්සන් කිලෝ එකක මිල රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1090ක් ලෙසද දැක්වේ.

එමෙන්ම කොත්තමල්ලි කිලෝ එකක නව මිල රුපියල් 540ක් වන අතර එහි මිල රුපියල් 10කින් පහළ දමා තිබේ.