217 views 0 secs 0 comments

ප්‍රදේශ කීපයකට ජල සැපයුම අත්හිටුවයි…

In Local News
August 02, 2021

හෙට (03) පැය 24ක කාලයක් වත්තල – මීගමුව පාරේ කොටසක්, මාබෝල කොටසක්, වැලිකඩමුල්ල, හැඳල පාර නායකකන්ද හන්දිය දක්වා සියලුම අතුරු මාර්ග, අල්විස් ටවුම, මරදාන පාර, පුවක්වත්ත පාර, ගලගහදූව සහ කෙරවලපිටිය කොටසකට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

හැඳල පාලම හරහා ජලනළ එළීම සහ ප්‍රධාන නළ මාර්ගයට සම්බන්ධ කිරීමේ කටයුතු හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවනු ඇත.