
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා (යොශිහිඩෙ Sඋගා මහතාගෙන් පෞද්ගලිකවම කළ ඉල්ලීම පරිදි ජපාන රජය විසින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.456ක තොගයක් ලබන සෙනසුරාදා (07) මෙරටට ලැබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
එහි පළමු තොගය ලෙස එන්නත් මාත්‍රා 728,460ක් පසුගිය සෙනසුරාදා (ජූලි 31) මෙරටට රැගෙනවිත් තිබුණු අතර එම එන්නත් තොගය අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාරදීම ජපාන තානාපති අකිරා සුගියාමා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ඒ අනුව බස්නාහිර පළාතේ තෝරාගත් මධ්‍යස්ථාන 20කදී මෙම ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව එන්නත් කිරීම ආරම්භ කර තිබේ.