2 views 0 secs 0 comments

රාජ්‍ය සේවයට නව බඳවාගැනීම් — 60,000ක් පුරප්පාඩු පිරවීමට සැලැසුම්….

In Local News
November 04, 2025

රාජ්‍ය සේවයේ පවතින විවිධ පුරප්පාඩු නිසා 60,000ක් පුරප්පාඩු පිරවීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය අයවැයෙන් 30,000ක් බඳවා ගැනීමට ප්‍රතිපාදන වෙන් කර තිබෙන බවත්, එම වැඩපිළිවෙළ යටතේ දීපව්‍යාප්ත සේවා සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීම ද මේ වන විට සිදුවන බවත්ය.

ඒ අනුව ශ්‍රී ලංකා පරිපාලන සේවය, ඉංජිනේරු සේවය, සැලසුම් සේවය, ගණකාධිකාරී සේවය වැනි අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා සඳහා බඳවා ගැනීම් ක්‍රියාවලිය ද දියත් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

කැබිනට් මණ්ඩලය විසින් පත් කළ අනුකමිටුවේ නිර්දේශ අනුව, 226 දෙනෙකු ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයට බඳවා ගැනීම සඳහා මේ වන විට කටයුතු සිදුවෙමින් ඇති බවද මහාචාර්ය අභයරත්න මහතා පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය මාර්තු මාසයේ පැවති විභාගයෙන් ඉහළ ලකුණු ලබාගත් අය අතරින් එම 226 දෙනා තෝරා ගැනීමේ ක්‍රියාවලිය ද අවසන් කර ඇති බවය.