Connect with us

Local News

ජනපති හා පළාත් ආණ්ඩුකාරවරුන් අතර හමුවක්..

Published

on

දූෂණය සහ අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් දැනටමත් ක්‍රියාත්මක වන විමර්ශන ඒකකවලට අමතරව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන මට්ටමින්ද එවැනි ඒකක ස්ථාපනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුමැතිය ලබාදී ඇත.

මෙම තීරණය ගත්යේ අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා සහ සෑම පළාත් ආණ්ඩුකාරවරෙකුම එක්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය. එහිදී ආණ්ඩුකාරවරුන් විසින් ඉදිරිපත් කළ යෝජනාවකට ප්‍රතිචාරව ලෙස ජනාධිපතිවරයා මෙම විශේෂ විමර්ශන ඒකකයන් පිහිටුවීම සඳහා අනුමැතිය ලබාදුනි.

මෙම සාකච්ඡාවේදී පළාත් මට්ටමින් යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධ අභියෝග සහ ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම පිළිබඳවද විශේෂ අවධානය යොමු විය. විශේෂයෙන්ම, පසුගිය වසරට වඩා මේ වසරේදී පළාත් සභා සඳහා තුන්ගුණයක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබීම හේතුවෙන් එම මුදල් විධිමත් ලෙස කළමනාකරණය කිරීමට අවශ්‍ය උපදෙස්ද මෙහිදී සලසා ඇත.

මෙම සාකච්ඡාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් බණ්ඩාර සමරසිංහ, දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස කුමාරසිරි වර්ණකුළසූරිය, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත කුමාර විමලසිරි, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් චේතනායහන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න සහ ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර යන මහත්ම මහත්මීහු සහභාගිව සිටියහ.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අභාවප්‍රාප්ත වෙයි…

Published

on

By

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අද (23) උදෑසන මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්විය.

මියයන විට ඔහු 56 වන වියේ පසුවූ අතර, දෙදරු පියෙකි.

Continue Reading

Local News

ජනාධිපති අනුර කුමාර එක්සත් ජාතීන් සභාවට පිටත්ව යයි

Published

on

By

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (22) දිවයිනෙන් පිටත්විණි.

ජනාධිපතිවරයා ලබන 24 වනදා එරට වේලාවෙන් පස්වරු 3.15ට මහා මණ්ඩලය ඇමතීමට නියමිතය. මේ අවස්ථාවට සමගාමීව, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහ විදේශ රාජ්‍ය නායකයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා රැසක් පැවැත්වීමටද කටයුතු සූදානම් කර ඇත.

එසේම ජනාධිපතිවරයා අමෙරිකාවේ නාගරික ශ්‍රී ලාංකිකයන් සමඟ විශේෂ හමුවකට ද සහභාගි වනු ඇත.

මෙම සංචාරයට විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් ද එක්ව සිටින බව සදහන් වේ.

Continue Reading

Local News

කීරි සම්බා සහ සම්බා සහල් හිඟය පිළිබඳව පාරිභෝගික අධිකාරියෙන් ප්‍රකාශයක්….

Published

on

By

රට තුළ පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා අද (15) ප්‍රකාශ කළේය.

මෙහිදී ඔහු පැවසුවේ අධිකාරියට ලැබුණු පැමිණිලි පසුපස සිදු කළ සොයා බැලීම් මගින් සහල් හිඟය පිළිබඳ කරුණු අනාවරණය වූ බවයි. නමුත් සහල් සඳහා ගැසට් පත්‍රයකින් පාලන මිල නියම කර ඇති අතර, එම මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කිරීමේ අවස්ථාවලදී නීතිය යටතේ අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවද ඔහු පැවසීය.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගැසට් පත්‍රයට අනුකූලව වී මිලදී ගැනීම සහ සහල් අලෙවි කිරීම සිදුකරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

ඒ අතරතුර සහල් සම්බන්ධ වැටලීම් 3,000කට වැඩි වශයෙන් සිදුකර ඇති අතර, ඒ මගින් 1,000කට ආසන්න නීතිමය පියවර ගෙන, රුපියල් මිලියන 95ට ආසන්න මුදලක් අයකරගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, පවතින සහල් හිඟය හේතුවෙන් ගැසට් පත්‍ර සංශෝධනය කිරීමේ කිසිදු අපේක්ෂාවක් මේ වන විට නොමැති බවද ඔහු අවධාරණය කළේය.

Continue Reading

ප්‍රවණතාවන්