751 views 0 secs 0 comments

ව්‍යාජ සහතික තබාගෙන ප්‍රතිකාර මධ්‍යස්තාන පවත්වාගෙන ගිය වෛද්‍යවරියක් අත්අඩංගුවට..

In Local News
February 23, 2021

මහනුවර ජාතික රෝහලේ සේවය කරන වෛද්‍යවරියකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිකුත් කළ ලියාපදිංචි අංකය භාවිතා කරමින්, මීගමුව, මිනුවන්ගොඩ සහ නැදගමුව යන ප්‍රදේශවල ප්‍රතිකාර මධ්‍යස්ථාන 3ක් පවත්වාගෙන ගිය ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කාන්තාවක් මහනුවර පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර ජාතික රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ සේවය කරනු ලබන වෛද්‍ය හිරෝෂනී කෞෂල්‍යා හෙට්ටිආරච්චි, මෙම ව්‍යාජ වෛද්‍යවරිය විසින් භාවිත කළ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකයේ සැබෑ හිමිකරු වන අතර ඈ විසින් පසුගියදා මහනුවර පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව වෛද්‍යවරියක ලෙස පෙනී සිටි එච්.කේ.අයි. හෙට්ටිආරච්චි නම් වූ කාන්තාවට අද දිනයේ මහනුවර පොලීසිය ඉදිරියේ පෙනී සිටින්නැයි කළ දැනුම් දීමකට අනුව ඇය පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.