
රුවන්වැල්ල, පනාපිටිය ප්‍රදේශයේදී බ්‍රහස්පතින්දා (17) 42 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබුණි.
ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ, ප්‍රදේශයේ රබර් කම්හලක් තුළ පිහි ඇනුම් තුවාල සහිතව පුද්ගලයෙකු සොයා ගෙන ඇති අතර, ඔහු රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව ය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා රුවන්වැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.