174 views 0 secs 0 comments

ජනපති හමු වූ තානාපතිවරු….

In Local News
August 11, 2022

ඊයේ (10) යුරෝපා සංගමයේ රටවල තානාපතිවරුන් පිරිසක් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවක් පැවැත් වූ අතර එහිදී සිවිල් සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ විසම්මුතිය ප්‍රකාශ කිරීමේ අයිතිය ඉතා වැදගත් බව අවධාරණය කර තිබේ.

එමෙන්ම අභියෝගාත්මක කාලවලදී යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ හවුල්කරුවෙකු වන බව තානාපතිවරු නැවත අවධාරණය කළ අතරම ශ්‍රී ලංකාව නැවත යථා තත්ත්වයට ගෙන ඒම සඳහා දැන් ඒකාබද්ධ සහ සියල්ලන් ඇතුළත් ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බව ද ඔවුහු සඳහන් කර සිටියා.

ඝ්Sඵ්+, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මානව හිමිකම් කවුන්සිලය යන දැනට පවතින ප්‍රධාන ක්‍රියාවලීන් තුනක් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස යුරෝපා සංගමය ජනාධිපති වික්‍රමසිංහ මහතා දිරිමත් කළේය.

මෙම ක්‍රියාදාමයන් සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ස්ථිර පියවර ගනු ඇතැයි යුරෝපා සංගමය බලාපොරොත්තු වන බව නියෝජිතයෝ පැවසූහ.