202 views 0 secs 0 comments

අවසන් රන්දෝලි පෙරහැර අද විශේෂ දුම්රිය 2ක් මහනුවරට…

In Local News
August 11, 2022

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට යන ජනතාව වෙනුවෙන්, මගී තදබදය අවම කිරීමේ අරමුණින් විශේෂ දුම්රිය දෙකක් ධාවනයට එක් කර තිබෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කර ස්ටියා.

ඒ අනුව එක් දුම්රියක් අද පෙරවරු 10.00 ට කොළඹ කොටුවෙන් මහනුවර බලා ධාවනය වන අතර තවත් දුම්රියක් පස්වරු 2.30 ට කොළඹ කොටුවෙන් මහනුවර බලා ධාවනය කිරීමට සැලසුම් කර ඇතැයි ගාමිණි සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ ය.

මේ අතර හෙළයේ අසිරිමත් මහා කලා මංගල්‍යය ලෙස සැලකෙන අවසන් රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන සැදැවතුන් වෙනුවෙන් පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බව ශ්‍රී දළදා මාලිගාව පැවසුවේ ය.