
පාර්ලිමේන්තුව අද (8) පෙරවරු 10 ට රැස්වීමට නියමිතය.
විමල් වීරවංශ අමාත්‍යවරයා සහ උදය ගම්මන්පිල අමාත්‍යවරයා ඉවත් කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ ආසන විධිවිධානවල වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති.
ආණ්ඩු පක්‍ෂයේ 73 වැනි පසුපෙළ අසුන විමල් වීරවංශ මහතාට හිමිව ඇති අතර 78 වැනි පසුපෙළ අසුන උදය ගම්මන්පිලට හිමිව තිබේ.
නව කර්මාන්ත අමාත්‍ය එස්.බී.දිසානායක මහතාට ඉදිරි පේළියේ දෙවැනි අසුන වෙන්කර තිබේ.
දිලුම් අමුණුගම ආණ්ඩු පක්‍ෂයේ 30 වැනි අසුන දක්වා ගෙන ගියේය.
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට පාර්ලිමේන්තුවේ 36 වැනි ආසනය හිමිවේ.