671 views 0 secs 0 comments

බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ අධ්‍යයන කටයුතු අදින් ඇරඹේ..

In Local News
January 25, 2021

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් බස්නාහිර පළාතේ පාසල් අධ්‍යයන කටයුතු අද (25) සිට ආරම්භ වේ.
මෙසේ විවෘත වන බස්නාහිර පළාතේ පාසල් විෂබීජහරණ කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) දිනයේ දී සිදුකෙරුණි.

නව පාසල් වාරය ආරම්භ කිරීමත් සමග බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් සියලු පාසල් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා යළි විවෘත කරනු ලැබීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නියම කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින්, අද සිට බස්නාහිර පළාත හැර සෙසු ප්‍රදේශවල උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබාදී තිබේ.