174 views 0 secs 0 comments

19 හැවිරිදි සිසුවෙකුට පහරදුන් බව කියන ගුරුවරුන් තිදෙනෙකු අත්අඩංගුවට

In Local News
April 21, 2023

මහඔය, කැකිරිහේන ප්‍රදේශයේදී 19 හැවිරිදි සිසුවෙකුට පහරදුන් බව කියන පාසල් ගුරුවරුන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පහරදීමෙන් දරුවා රෝහල්ගත කර ඇති බවට දරුවාගේ මව මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
මහඔය පොලිසිය විසින් ආරම්භ කරන ලද විමර්ශනවලදී එම සිසුවාගේ පාසලේ ගුරුවරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ගුරුවරුන් වයස අවුරුදු 34, 37 සහ 43 වයස්වල පසුවන මහඔය පදියතලාව ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සැකකරුවන් අද දෙහියත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය සඳහන් කළේ.