174 views 0 secs 0 comments

රංගන ශිල්පිනී දමිතා අබේරත්නට ඇප

In Local News
September 12, 2022

රංගන ශිල්පිනී දමිතා අබේරත්න රුපියල් 500,000/- බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කෙරුණා. රංගන ශිල්පිනී දමිතා අබේරත්න සැප්තැම්බර් 7 වැනි බදාදා දින දියත උයන ඉදිරිපිට පාර්ලිමේන්තු වටරවුමේ පැවති ‘නිහඬ හෝරාව’ යන තේමාව යටතේ විරෝධතාවයකට සහභාගී වෙමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.
නීතිවිරෝධී රැස්වීම්, නීති විරෝධී ලෙස ජනාධිපති කාර්යාලයට ඇතුළුවීම සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් මෙම රංගන ශිල්පිනිය අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.