Connect with us

world-news

අද මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය ආරම්භ වේ.

Published

on

අදින් (12) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය ආරම්භ වනවා. ලබන ඔක්තෝබර් 7 වන දින දක්වා එම සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා හිදී පැවැත්වීමට නියමිතයි. අද දිනයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂද එක්ව සිටිනවා.

world-news

බොරතෙල් මිලෙහි වෙනසක්…

Published

on

By

වැඩිවී ඇති උද්ධමනය හේතුවෙන් අමෙරිකානු පොලී අනුපාත කප්පාදුව පමාවීමේ පසුබිම මත ඩොලරය ශක්තිමත් වීම හේතුකොටගෙන ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අදත් අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81යි ශත 27 දක්වා පහත බැස ඇති අතර අමෙරිකානු Wඨෛ බොර තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 76යි ශත 14ක් ලෙසට ය.

ඩොලරය ශක්තිමත් වීම තුළින් අනිකුත් විනිමය වලින් ගනුදෙනු කරන්නන්ට තෙල් වඩාත් මිල අධික වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වෙයි.

මේ අතර ලෝක වෙළෙඳපොළේ රන් මිලද අමෙරිකානු ඩොලරය ශක්තිමත් විමත් සමග පහළ වැටීමක් පෙන්නුම් කරන අතර රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඩොලර් 2030යි ශත 90ක් ලෙසයි.

Continue Reading

world-news

හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක්….

Published

on

By

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් සිදුකර තිබේ. ඒ තමා වෙත නඩු පැවරීමෙන් වැළකී සිටීමට ජනාධිපති මුක්තිය නොමැති බවට පහළ අධිකරණ ලබාදුන් තීන්දු අත්හිටුවන ලෙසයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එරෙහිව 2020 මැතිවරණයට අදාළ සිද්ධිය ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මේ වන විට නඩු විභාග පැවැත්වෙන අතර, තමාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය කඩාකප්පල් කිරීම එහි අරමුණ වී ඇති බව ට්‍රම්ප් පෙන්වා දී සිටියා.

එමෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවන වරටත් අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස පත්වුවහොත් අමෙරිකාව නේටෝ සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් කරගනු ඇති බව අමෙරිකානු හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇති අතර නේටෝ අයවැය ඉලක්ක සපුරා නොගන්නේ නම්, අමෙරිකාව තවදුරටත් නේටෝ සංවිධානය වෙනුවෙන් මුදල් වැය නොකරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

Continue Reading

world-news

කාල් වෙදර්ස් දිවියෙන් සමුගනී..

Published

on

By

ප්‍රවීණ හොලිවුඩ් නළුවෙකු වන කාල් වෙදර්ස් අභාවප්‍රාප්ත වී තිබේ.
1970 දශකයේ මැද භාගයේ දී සියරංගන දිවිය ඇරඹි කාල් වෙදර්ස් මිය යන විට 76නව වියේ පසු විය.
වෙදර්ස්, 1978 දී ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් සමග ‘ප්‍රෙඩේටර්’ චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ අතර මෑතකදී ‘ ස්ටාර් වෝර්ස්’ කථා මාලාවටද රංගනයෙන් දායක වූ බව වාර්තා වේ.
චිත්‍රපට, රූපවාහිනීය, කලාව, ක්‍රීඩා යන ක්ෂේත්‍ර වලට දායකත්වය දෙමින් නොමැකෙන සලකුණක් තබා කාල් වෙදර්ස් මෙලෙස දිවි සැරිය නිමා කර ඇත.

Continue Reading

ප්‍රවණතාවන්