178 views 0 secs 0 comments

ඇෆ්ගනිස්ථාන හා උතුරු පකිස්ථානය ආසන්නව භූ කම්පනයක්..

In World News
March 22, 2023

ඇෆ්ගනිස්ථානයේ සහ උතුරු පකිස්ථානය ආශ්‍රිතව හට ගත් භූ කම්පනයකින් පුද්ගලයින් 3 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිය.

භූ කම්පනයේ ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක 6.5 ක් ලෙස සටහන් වී ඇති අතර එම භූමිකම්පාවේ ප්‍රබලත්වය ඉන්දියාව සහ පාකිස්ථානයේ ප්‍රදේශ රැසකට දැනී ඇති බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 200කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර ඉන් 150කගේ තත්ත්වය බරපතළ බව විදෙස් වාර්තාවල සඳහන් ය.

මේ අතර භූ කම්පනයෙන් පසු සුපරීක්ෂාකාරීව සිටින ලෙස පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් එරට ආපදා කළමනාකරණ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි.