සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු අමෙරිකාවට සංචාරයකට….

In World News
November 04, 2025

සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු එළඹෙන 18 වනදා අමෙරිකාවේ ධවල මන්දිරයට සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සංචාරය අතරතුර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සල්මාන් කුමරු අතර සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතය.

2020 වසරේදී ඊශ්‍රායලය සමඟ සබඳතා සාමාන්‍යකරණය කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, සුඩානය සහ මොරොක්කෝව ඒබ්‍රහම් ගිවිසුමට එක්වූ අතර, සෞදි අරාබියද එම ගිවිසුමට එක්කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සහ දරනු ඇති බව වාර්තා වේ.