මෙරට රත්‍රං මිල ඊයේ (03) දිනයට සාපේක්ෂව රුපියල් 1,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත අනාවරණය කරයි.
ඒ අනුව අද (04) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රු. 293,200ක් දක්වා පහළ වී ඇති අතර, ඊයේ එම මිල රු. 294,000ක් ලෙස වාර්තා වී තිබුණි.
තවත් තොරතුරු අනුව, ඊයේ රු. 318,000ක් වූ කැරට් 24 රන් පවුමක මිලද අද වන විට රු. 317,000ක් දක්වා පහළ ගොස් ඇතැයි කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
