තෙවරක් ඔස්කා සම්මාන සඳහා නිර්දේශ වූ ප්‍රසිද්ධ රංගන ශිල්පිනිය ඩයන් ලෑඩ් 89 හැවිරිදි වියේදී අභාවප්‍රාප්ත වී ඇත.
ඇය අමෙරිකාවේ කැලිෆෝනියාවේ දී අභාවප්‍රාප්ත වූ බව ඇයගේ දියණිය වන රංගන ශිල්පිනී ලෝරා ඩර්න් ප්‍රකාශ කර ඇත.
ඩයන් ලෑඩ් 1974 වර්ෂයේදී තම රංගන ජීවිතය ආරම්භ කළ අතර, “Alice Doesn’t Live Here Anymore”, “Wild at Heart” සහ “Rambling Rose” චිත්‍රපටවල රංගනයන් සඳහා ඔස්කා සම්මාන සඳහා තෙවරක් නාමනිරදේශ වීමට ඇයට හැකිවුණි.
