209 views 0 secs 0 comments

මිචිගන් පාසලක වෙඩි තැබීමක්.. තිදෙනෙක් මියයයි….

In World News
December 01, 2021

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් වයස අවුරුදු 16ක පිරිමි ළමයෙකු සහ 14 හැවිරිදි සහ 17 හැවිරිදි ගැහැණු ළමුන් දෙදෙනෙක් මියගොස් තිබේ.

වෙඩි තැබීමෙන් තවත් පාසල් සිසුන් ඇතුළු ගුරුවරුන් 08 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනෙකු සැත්කමක් සඳහා යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කලා.

15 හැවිරිදි සිසුවෙකු විසින් අර්ධ ස්වයංක්‍රිය ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බවත් සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේය.