186 views 0 secs 0 comments

රුපියල තවත් බාල්දු වෙයි..

In World News
April 06, 2022

දුර්වලම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල මේ වන විට පත්ව ඇති බව ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා රුපියල 2022 වසරේ වඩාත් පිරිහීමට ලක්ව ඇති මුදල් ඒකකය බවට පත්ව ඇති අතර අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 32 කින් පහත වැටීමක් සිදුව ඇති බවද වාර්තා වන අතර 2022 වසරේ ලොව වඩාත්ම පිරිහීමට ලක්ව ඇති මුදල් ඒකකයක් භාවිතා වන රට ලෙස ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව තිබෙනවා. එම ලයිස්තුවේ දෙවන ස්ථානය ඝානාව, තෙවන ස්ථානය ඊජිප්තුව, සිව්වන ස්ථානය රුසියාව හා පස්වන ස්ථානය තජිකිස්ථානය හිමිකරගෙන තිබෙනවා.