63 views 0 secs 0 comments

සිරියාවේ පොදු වෙරළ තීරයන්හි බුර්කිනි ඇඳීම අනිවාර්යයි – අන්තර්කාලීන රජයෙන් නව නියෝගයක්…

In World News
June 12, 2025

සිරියාවේ අන්තර්කාලීන රජය විසින් නිකුත් කර ඇති නව නියෝගයක් අනුව, කාන්තාවන් සඳහා පොදු වෙරළ තීරයන්හි සහ පිහිණුම් තටාකවල බුර්කිනි ඇඳීම අනිවාර්ය වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, මෙම නියෝගය සිරියාවේ ඉස්ලාමීය නායකත්වය පවත්වාගෙන යන අන්තර්කාලීන රජය මගින් ලබාදීමක් බවයි.

එම නියෝගය අනුව, කාන්තාවන් විසින් මුහුණ, අත්පා සහ පාද හැර සෙරීරය සම්පූර්ණයෙන් ආවරණය වන ලෙස බුර්කිනි හෝ වෙනත් යහපත් ඇඳුමක් ඇඳීම අනිවාර්ය වේ. එමෙන්ම මෙම නීතිය පොදු වෙරළ තීරයන් සහ පිහිණුම් තටාකවලට පමණක් වලංගු වන අතර, පෞද්ගලික වෙරළ තීරයන්, සමාජ ශාලා හෝ තරු පංතියේ හෝටල් සඳහා එය අදාළ නොවන බවද වාර්තා වේ.