පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය තාවකාලික සටන් විරාමයකට..

In World News
October 15, 2025

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඒ අනුව පාකිස්තාන වේලාවෙන් අද (15) සවස 6.00 සිට පැය 48ක් සඳහා මෙම සටන් විරාමය ක්‍රියාත්මක වනු ඇත.

පාකිස්තාන පාර්ශ්වයේ ඉල්ලීමකට අනුව මෙම සටන් විරාමය පිළිගෙන ඇති බව තාලිබාන් පරිපාලනය සඳහන් කරයි.

මෑතදී ඇෆ්ගනිස්තානය–පාකිස්තාන දේශසීමාවේ සිදුවූ ගැටුම්වලින් දෙපාර්ශ්වයේම හමුදා සාමාජිකයින් සහ සිවිල් පුරවැසියන් ඇතුළු පුද්ගල 200කට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වේ.