93 views 0 secs 0 comments

කටාර්, ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි….

In World News
June 23, 2025

පවතින යුධමය තත්ත්වය මත කටාර් රාජ්‍යය තම ගුවන් කලාපය හරහා ගමන් කරන ගුවන් යානා සඳහා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම තීරණය අනුව, හමාඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගමන් කිරීමට නියමිත ගුවන් යානා විකල්ප ගුවන්තොටුපොළවලට යොමු කෙරේ.

මේ අතර, කටාර්හි පිහිටා ඇති අල් උඩෙයිඩ් ගුවන් හමුදා කඳවුර වෙත ඉරාන ප්‍රහාරයක් එල්ලවිය හැකි අවදානමක් ඇති බවත්, එම කඳවුර මැදපෙරදිග විශාලතම අමෙරිකානු හමුදා පදවියක් වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ බ්‍රිතාන්‍ය අධිකාරීන්, කටාර්හි සිටින තම පුරවැසියන්ට නැවත දැනුම් දෙන තුරු ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස උපදෙස් ලබාදී ඇත.