48 views 0 secs 0 comments

චීනයේ චිකුන්ගුන්යා රෝගීන් 7,000 ඉක්මවයි….

In World News
August 05, 2025

පසුගිය ජූලි මාසයෙන් පසුව චීනය තුළ චිකුන්ගුන්යා වෛරසය හේතුවෙන් රෝගීන් සංඛ්‍යාව දැඩි ලෙස ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වනවිට එරටින් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 7,000 ක් ඉක්මවා ඇති බව සඳහන් වේ.

පළාත් කිහිපයකින් රෝගීන් වාර්තා වී ඇති අතර පසුගිය සතිය තුළ පමණක් 3,000 ක් වාර්තා වීම විශේෂ අවධානයට ලක්ව තිබේ.

කෙසේ වෙතත්, වාර්තා වී ඇති රෝගීන්ගෙන් 95%කට අධික පිරිසකගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඔවුන් කෙටි කාලයක ප්‍රතිකාරෙන් අනතුරුව පිටව ගොස් ඇති බවත් චීන සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත.

රෝගය ව්‍යාප්ත වන අවදානම මැඩලීම සඳහා, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ කටයුතුවලට නියම විය යුතු බවට පුරවැසියන්ට දැනුම්දී ඇත.

නිවෙස් ආශ්‍රිතව මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන පිරිස්ට යුවාන් 10,000ක දඩයකට ලක් විය හැකි බවටද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මෙම තත්ත්වය මත, චීනයේ සංචාරයක නිරත වන සියලුම පුද්ගලයින් වඩාත් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සන්ධානය (WHO) පවසයි.