84 views 0 secs 0 comments

අමෙරිකාවේ දරුණු ටොනේඩෝ තත්ත්වයක්..

In World News
March 16, 2025

අමෙරිකාවේ ගිනිකොණදිග කලාපය ඔස්සේ හමාගිය ප්‍රබල ටොනේඩෝ තත්ත්වයකින් පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් ඇති විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම ටොනේඩෝවෙන් කැන්සාස්, මිචිගන්, ඉලිනොයිස් ඇතුළු ප්‍රාන්ත රැසකටද හානි සිදුව ඇති අතර එහි වැඩිම බලපෑම මිසූරි ප්‍රාන්තයට එල්ල වී එම ප්‍රාන්තයේ පමණක් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

මිසූරි ඇතුළු තවත් ප්‍රාන්ත 5ක නිවාස සහ ගොඩනැගිලි 170,000ක විදුලි බිඳවැටී තිබේ

කැන්සාස් හි ඇතිවූ දුහුවිලි කුණාටුවක් හේතුවෙන් රථවාහන 55ක් පමණ එකිනෙක ගැටී ඇති අතර, එම අනතුරෙන් පුද්ගලයින් 8 දෙනෙකුට දිවි අහිමි වී ඇත.