184 views 0 secs 0 comments

සිය දිවි නසාගත් ඇමරිකානු රූ රැජින…

In World News
January 31, 2022

අමෙරිකානු රූ රැජිනක් වන 30 හැවිරිදි චෙස්ලී ක්‍රිස්ට් මෑන්හැටන් හි නිවාස සංකීර්ණයක ඉහළ තට්ටුවකින් පහළට පැන සිය දිවි නසාගෙන ඇති බව වාර්තා වෙයි.

ඇය එම නිවාස සංකීරණයේම 9 වැනි මහලේ ජීවත් වූ අතර ඇයගේ සිරුර උදෑසන 7ට පමණ නිවාස සංකීරණය අසල පිහිටි මං තීරුවක තිබියදී හමුවූ බව වාර්තා වේ. ඊට පෙර ඇය එම ගොඩනැගිල්ලේ 29වැනි තට්ටුවේ සිටින අයුරු සමහරු දැක තිබේ.

නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම මරණය සිය දිවි නසාගැනීමක් බවය.
ක්‍රිස්ට් සිය දේපළ මවට පවරමින් ලිපියක් ලියා තිබුණු බව මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණි එමෙම්න්ම ඇය මියයෑමට සුළු මොහොතකට පෙර “අද දින ඔබට සාමය සහ නිදහස ගෙනෙනු ඇත,” යනුවෙන් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි සඳහන් කර තිබී ඇත.