හෙටින් (17) ආරම්භ වන 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,663ක දී පැවැත්වෙන විභාගය සඳහා සිසුන් 474,147 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර විභාගය ආරම්භ වීමට පැය භාගයකට පෙර සියළු විභාග අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බවයි.
එමෙන්ම විභාගයේ දී සිදුවන අක්‍රමිකතා අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල් වැඩිදුරටත් සඳහන් කළේය.
